පර්යේෂණ හා සංවර්ධන | Research & Developments (R&D)

පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ඕනෑම රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ නව්‍යකරණයට තුඩු දෙන සමස්ත ක්‍රියාවලියක පලමු පියවර හෙයිනි. ඔබ දන්නා පරිදි, නූතන ලෝකයේ එකිනෙකා පරදා බිහිවෙන නිෂ්පාදනයන් සඳහා නවෝත්පාදනය ඉතා වැදගත් ය. එනයින් ඕනෑම රටක පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ගෙන එන්නේ කෙසේද සහ ක්‍රියාත්මක කළ යුතු උපායමාර්ගය කුමක්දැයි ඔබ කල්පනා කළ යුතුය.

R&D කටයුතු සඳහා වන ගෝලීය වියදම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7 ක වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී තිබේ. එයින් රටවල් 10 ක් පමණ 80% ක් වියදම් කරයි. තිරසාර සංවර්ධන ඉලක්කවල කොටසක් ලෙස, 2030 වන විට රාජ්‍ය හා පෞද්ගලික පර්යේෂණ හා සංවර්ධන වියදම් මෙන්ම පර්යේෂකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි කිරීමට රටවල් ප්‍රතිඥා දී තිබේ.මෙම තිරසාර සංවර්ධන අරමුණු වල ප්‍රධාන ඉලක්කයෙ හි ගෝලීය ප්‍රගතිය නිරීක්ෂණය කරන යුනෙස්කෝ සංඛ්‍යාලේඛන ආයතනයේ UNESCO Institute for Statistics (UIS) නවතම දත්ත ගවේෂණය කරන්න.

Source: uis.unesco.org

පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා රටක ඇති කැපවීම තක්සේරු කිරීමට, වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බැලිය යුතු ය. මිලදී ගැනීමේ බල සමානාත්මතා ඩොලර් Purchasing Power Parity Dollars (PPP $) සඳහා සත්‍ය වශයෙන් වියදම් කරන මුදල ඔබට පසුව දැක ගත හැකිය. ඉහළම රටවල් 15 ට පොදු වන්නේ කුමක්ද? ව්‍යාපාර අංශයේ ශක්තිමත් මූල්‍යයම ආයෝජන සාර්ථකත්වයට මූලික සාධකයකි. දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස පර්යේෂණ හා සංවර්ධන වියදම් සඳහා ජාතික ඉලක්ක තබා ගනිමින් බොහෝ රටවල් පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම වැඩි දායකත්වයක් තම රාජ්‍යයට වෙනුවෙන් දායකත්වය ලබා දීමට උත්සාහ කරති.

Source: uis.unesco.org

එනම්, ඉහත රූප සටහන් වල පරිදි ඔවුන් මෙම පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා යොදන මුදල සුලු පටු නොවේය. ජපානයද අභිබවා නිෂ්පාදන ආර්ථිකයකට යමින් සිටිනා දකුණු කොරියාව කදිම ය. නව නිර්මාණ වල දායකත්වය නිෂ්පාදන ආර්ථිකයට සෘජුවම සම්බන්ධ වී අයුරු ඔබට වැටහේ වි. ඔබ දැනටමත් දන්නා දකුණු කොරියානු නැගීම ගැන අමුතුවෙන් කිව යුත්තක් නැත. ඔවුහු මේ වන විට වාහන වෙලඳපල අතික්‍රමණය කරමින් ද ජංගම දුරකථන ලොව ප්‍රමුඛයා වෙමින් ද සිටිත්.

ලංකාවට සාපේක්ෂව වර්ග ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවද, ස්වභාවික සම්පත් වලින් පවා පසු පසින් සිටින ඊශ්‍රායලය මෙහිදී සුවිශේෂි තැනක් ගනී. සියලූම රටවල් අභිබවා දල ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව වැඩිම මුදලක් වෙන්කරමින් පර්යේෂන අංශයෙන් ඉදිරියෙන් සිටිනා අතරම දල ජාතික නිෂ්පාදනයෙන් 4.2% ක විශාල මුදල් කන්දරාවක් වාර්ෂිකව වෙනකර ගනී. ශ්‍රී ලාංකික අප 0.1% ක ඉතා අවම අගයක් එලෙසින් දල ජාතික නිෂ්පාදනයෙන් වෙන් කරති. විචිත්‍රත්වය මෙය යි, ශ්‍රී ලංකාව තුල වැසියන් මිලියනයකට පර්යේෂකයන් සංඛ්යාව 99 වන විට ඊශ්‍රායලයෙ හි එම අගය 8,250 කි. එරටෙහි පාලන තන්ත්‍රය යනු ඉතා බුද්ධිමත් නියොජනය කි. මෙහි වටිනා කම අවබෝධ කර ගත් ඔවුහු මෙසේ ලොව ඉදිරියෙන්ම ඇති රාජ්‍යයන්ටද අභියෝගයක් වී ඇත්තේ එලෙසිනි. එනයින් ඔවුහු එසේ තම රාජ්‍යයෙහි සුඛවිහරණය ගැන සිතමින් දිනෙන් දිනම තම ප්‍රජාව ලොව ශ්‍රේෂ්ඨම ජාතියක් බවට පරිවර්ථනය කරත්.

මගේ මතය අනුව, මෙම ප්‍රශ්නයට සැලකිය යුතු හේතුව වන්නේ 1948 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණු දේශපාලන අසාර්ථකත්වයන් ය.ඊනියා නිදහසේ පටන් මේ ජාතිය ගොඩනඟා ගැනීමට දේශප්‍රේමී හා අනාගත දැක්මක් ඇති කිසිවෙකු මේතාක් මෙම දූපත පාලනය කර නැත. පවුල් අතළොස්සක් විසින් මුලු මහත් ජාතියකටම වොලිබෝල ක්‍රීඩාව පමණක් ඔවුහු, පන්දුව දෙපසට මාරු කරමින් ක්‍රීඩකයෝ පමණක් වූහ. ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කළේ ඔවුන්ගේම ගිණුම් තුලට ජනතා මුදල් ගිනුම්ගත කරනා තෙක් පමණි.අවස්ථා කිහිපයකදීම එම පාලකයින්ව සාක්ෂි සමඟම නීතියේ රැහැනට ගනු ලැබුවද, පාලකයින් විසින්ම එකිනෙකා ගේ දම් වැල ලෙහා ගත්හ. අප පාට, පක්ෂවලට බෙදෙමින් නූගත් පාලන තන්ත්‍රයක් පත් කිරීම උදෙසා දිවි හිමියෙන් කැප වෙත්.

Source: uis.unesco.org
Source: uis.unesco.org

පර්යේෂණ හා සංවර්ධන වියදම් සම්බන්ධයෙන් චීනය ප්‍රමුඛ ආසියාව උතුරු ඇමරිකාව හා බටහිර යුරෝපය අභිබවා යනු ඇත්තේ කවදාද යන්න පිළිබඳව එක් එක් මතයන් ජනිත වෙමින් පවතී. කලාපීය ප්‍රවණතා දෙස බැලීමෙන්, ඔවුන්ගේ ආයෝජන සහ පර්යේෂකයන්ගේ සංඛ්‍යාව ප්‍රාමාණිකව ක්‍රමයෙන් ඉහළ නංවන අතර චීන ජාතික පර්යේෂකයන් ගේ සැලකිය යුතු නැගීම ද අපට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

Source: uis.unesco.org

ඉහත සන්දර්භය තුළ, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීම අනාගත සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට ඉඩ සලසන ප්‍රධාන සාධකයකි. වෙනත් වචන වලින් කිවහොත් R&D යනු ඕනෑම සමාගමට නවෝත්පාදනයන් ගෙන ඒම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වන අතර, ඕනෑම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ලොව පුරා ක්‍රියාත්මක වීමට ප්‍රධාන උපාය මාර්ගික සංවර්ධන සාධකයක් බැවින් ලාංකික පාලන තන්ත්‍රය ඒ සඳහා වැඩි ඉඩ ප්‍රස්තාවක් ලබා දීම අනිවාර්‍යය වේ.

සටහන උපුටනය | Sankhaara Blog පිටුව